Monday, June 4, 2012

සෛල අධ්‍යනයට අන්වීක්ශීය විද්‍යාව

සෛල අධ්‍යනයට අන්වීක්ශීය විද්‍යාව

 සෛලය පිලිබඳ දැනුම වර්ධනය උදෙසා වැදගත් සොයාගැනීම් රැසකට මුල් වූ උපකරනය වුයේ අන්වීක්ශයයි. පියවි ඇසට නොපෙනෙන ප්‍රමානයෙන් යුත් සෛල එහි අඩංගු ව්‍යූහ හා ඉන්ද්‍රයිකා අධ්‍යනයට අන්වීක්ශය වැදගත්ය. විවිධ විද්‍යාඥයන් අන්වීක්ශය සොයා ගැනීමට හා එහි දියුනුවට සෛලය පිලිබඳ තොරතුරු අධ්‍යනයට දායක වී ඇත.

   සෛලවල මූලික ව්‍යූහය අධ්‍යනයට අන්වීක්ශය භාවිතය අවශ්‍ය වේ. අන්වීක්ශයක  වඩාත් වැදගත්වන කරුනු 2 කි

1)විභේදන බලය

         ඉතා ආසන්නයේ පිහිටි ලකෂ 2ක් එකිනෙකින් වෙන්කර හදුනාගැනීමට එම ලක්ෂ ඈත් කල යුතු අවම දුර/බලය මෙසේ හඳුන්වයි. මිනිස් ඇසක විභේදන බලය 0.1 mm වේ. ආලෝක අන්වීක්ෂයේ 0.2 mm වේ. පියවි ඇසේ විභේදන බලය මෙන් අන්වීක්ෂයේ විභේදන බලය 500 ගුනයක පමන විශාලය.ඉලෙක්ට්‍රෝන අන්වීක්ෂයේ විභේදන බලය 2 nm පමන වේ.

2)විශාලනය

        වස්තුව මෙන් කී වාරයක් ප්‍රතිබිම්භය විශාල වී ඇත්දැයි විශාලනය යන්නෙන් අදහස් වේ. සාමාන්‍ය ආලෝක අන්වීක්ශයක උපරිම විශාලන බලය වස්තුව මෙන් 1000-2000 ත් අතර වේ.



                                                 ආලෝක අන්වීක්ශය



ආලෝක අන්වීක්ශය


 ආලෝක කිරන භාවිතා කරන අන්වීක්ශය මෙය වේ. එහි ප්‍රධාන කොටස් හා ඒවායේ කෘත්‍ය නම්

1)  දර්පනය                        - ආලෝක කිරන සංගනීකාරක කාචය මත යොමු කිරීම
2)  සංගනීකාරක කාචය      -ආලෝක කිරන සමාන්තර කොට නිදර්ශකය වෙත යොමු කිරීම සිදුකරයි.
3)  අන්වීක්ශ වේදිකාව       -නිදර්ශකය සහිත කදාව තබන ස්ථානය
4)  වේදිකා ක්ලිප                -නිදර්ශකය සහිත කදාව වේදිකාවට තදින් සවිකර තබාගනී
5)  අවනෙත් කාච               -මේවා උත්තල කාච වේ. නිදර්ශකය විභේදනය කිරීමටත් විශාලනයඇති කිරීමටත් මෙම කාච උදව් වේ. මෙහි විශාලන බල 3ක් ඇත.(10x/20x/40x) මේවා පිලිවෙලින් අවබල අවනෙත මධ්‍ය බල අවනෙත අධිබල අවනෙත ලෙස හඳුන්වයි. මේවා චලනය කල හැකි ලෙස සවි කොට ඇත.     
6) උපනෙත                        -මෙයද උත්තල කාචයකි. නිදර්ශකය දෙවනුව විශාලනයට ලක් කරන්න මෙයයි
7) දල හා සියුම් සීරුමාරුව  -නිදර්ශකයේ පැහැදිලි ප්‍රතිබිම්භයක් ලබා ගැනීමට නිදර්ශකය සහ කාච අතර දුර වෙනස් වීමට අන්වීක්ශ කදා ඉහල පහල යවන්නේ මෙම සීරු මාරු මගිනි.                              

Wednesday, September 7, 2011

ජීව විද්‍යාව ඉගෙනීමෙහි වැදගත්කම



  • අප අවට ඇති සුවිශේශී ජෛව විවිදත්වය අවබෝධ කර ගැනීමට
  • මානව සිරුරේ ක්‍රියාකාරීත්වය හා එහි පද්දතී අතර සමිබන්ධය අවබෝධ කර ගැනීමට
  • පරිසරය සහ ක්ෂය වෙමින් පවතින ස්වභාව්ක සමිපත් කලමනාකරනය කර ගැනීමට
  • පරිසර දූෂන ගැටලු විසදා ගැනීමට
  • තිරසාර ආහාර නිෂ්පාදනයට
  • රෝග වලට හේතු හා ඒවායේ බලපෑම අවම කර ගැනීමට