Saturday, November 3, 2012

ප්ලොයමීය පරිසංක්‍රමනය

       පෙනෙර නල මූලාංගයක් වටකරමින් සහචර සෛල 1ක්  හෝ කීපයක් පිහිටා තිබිය හැක. සහචර සෛල වල සෛල බිත්තිය ඇතුලට වැඩී ප්ලාස්ම පටලය ඇතුලට නැමෙමින් එහි ක්ෂේත්‍රඵලය වැඩි කරයි. එසේ විකරනය වූ සහචර සෛල පරියවර්ථක සෛල නම් වේ. මෙම සෛල ප්ලෝයම හර කිරීමේදී හා ප්ලෝයම බැර කිරීමේදී සක්‍රීය ලෙස දායක වේ. ශාකයක සෑම ස්ථානයකම විහිදෙන පරිදි ප්ලොයම පටකය පැතිර තිබේ. කාබෝහයිඩ්‍රේට ශාක තුල පරිවහනය වන්නේ සුක්‍රෝස් ද්‍රාවනයක් ලෙසිනි. අනෙක් කාබෝහයිඩ්‍රේට වලට වඩා සුක්‍රෝස් ලෙස පරිවහනය සුදුසු වන ප්‍රධාන හේතු 2 කි.
   1)සුක්‍රෝස් පරිවෘත්තීයව අක්‍රීය වීම
   2)ඡලයේ ඉතා හොඳින් දියවීම
        
         සුක්‍රෝස් හැරුනුවිට ප්ලෝයම පටකය තුලින් ඇමයිනේ අම්ල,විටමින,ශාක වර්ධක ද්‍රව්‍ය,ඛනිඡ අයන, ඡලය පරිවහනය වේ. ප්ලෝයම පරිසංක්‍රමනය දිනයේ වෙනස් වේලාවන්හිදී දෙදිසාවටම සිදුවේ. දවසේ කාලය අනුව එහි වේගය වෙනස් වේ. එමෙන්ම ඉතා වැඩි දුරක් වැඩි ද්‍රව්‍ය ප්‍රමානයක් මෙසේ පරිවහනය කල හැක.
        ප්ලෝයමීය පරිවහන යාන්ත්‍රනය පැහැදිලි කරන කල්පිතය පීඩන ප්‍රවාහ කල්පිතය නම් වේ. ප්ලෝයමීය පරිසංක්‍රමනය ඇරඹෙන පටකය ප්‍රභවය ලෙසත් අවසන් කරන පටකය අපායනය ලෙසත් හැඳින්වේ. මේ නිසා ප්ලෝයමීය පරිසංක්‍රමනය ප්‍රභවයේ සිට අපායනය දක්වා සිදුවේ. ශාකයක ප්‍රධාන ලෙසම ප්‍රභවය වන්නේ ශාක පත්‍ර වේ. නමුත් සමහර විට ආහාර සංචිත කරන ස්ථානද ප්‍රභවය විය හැක. ප්‍රධාන සංචිත ස්ථාන අපායනය වුවද ආහාර අවශ්‍ය වර්ධක ස්ථානද අපායන ලෙස ක්‍රියා කරයි.
 පීඩන ප්‍රවාහ කල්පිතය අදියර කීපයකින් යුක්තය.

a)ප්ලෝයමීය බැර කිරීම
b)පෙනෙර නල තුලින් සුක්‍රෝස් පරිවහනය
c)ප්ලෝයම හර කිරීම

    ප්‍රභවය වන පත්‍රවල පත්‍රමධ්‍ය සෛල තුල ප්‍රභාසංස්ලේශනයෙන් පිශ්ථය තනයි.පසුව එය සුක්‍රෝස් බවට පත්වී ජලයේ දියවී ද්‍රාවනයක් ලෙස පත්‍රයේ කුඩා නාරටි වල ප්ලෝයමයේ පෙනෙර නල තුලට සක්‍රීයව විශේශනය වූ සහචර සෛල වන පරිවර්ථක සෛල හරහා ඇතුලු වේ.මෙය ප්ලෝයමීය බැර කිරීම නම් වේ.
   මේ නිසා පෙනෙර නල මූලාංග වල එම කෙලවරේ ද්‍රාව්‍ය සාන්ද්‍රනය වැඩිවේ.එනම් ද්‍රාව්‍ය විභවය ඉහල යයි.ජල විභවය අඩුවේ.එවිට පත්‍රයට උත්ස්වේදන චූෂනයෙන් ඇතුලුවන ජලය සෛලම වාහිනී,වාහකාභ වල සිට අන්තරාස්‍රැතියෙන් පෙනෙර නල මූලාංග තුලට ඇතුලු වේ.එවිට පෙනෙර නල මූලාංගයේ එම කෙලවරේ වැඩි ද්‍රවස්ථිතික පීඩනයක් ඇතිවේ.
    අපායනය අසලදී පෙනෙර නල මූලාංග වල සිට පරිවර්ථක සෛල හරහා සක්‍රීයව සුක්‍රෝස් අපායනයේ සෛල තුලට ඇතුලු කරයි.මෙය ප්ලෝයමීය හර කිරීම නම් වේ.එවිට පෙනෙර නලයේ එම කෙලවරේ ද්‍රව්‍ය සාන්ද්‍රනය අඩුවේ. එනම් ද්‍රාව්‍ය විභවය අඩුවේ. ඒ නිසා ජල විභවය වැඩිවේ. එනිසා එම ජලය පෙනෙර නල ඒකක වල සිට ඊට ආසන්නයේ ඇති සෛලම වාහිනී වෙත භාහිරාස්‍රැතියෙන් ගමන් කරයි.පෙනෙර නලයේ එම කෙලවරේ ද්‍රවස්ථිතික පීඩනය අඩුවේ.
  එවිට වැඩි ද්‍රවස්ථතික පීඩනයක් ඇති ප්‍රභවයේ සිට අඩු ද්‍රවස්ථතික පීඩනයක් ඇති අපායනය දක්වා පීඩන අනුක්‍රමනයක් ඔස්සේ ස්කන්ධ ප්‍රවාහයෙන් ප්ලෝයමීය පෙනෙර නල ඹස්සේ අක්‍රීයව සුක්‍රෝස් ද්‍රාවනය ගමන් කරයි.ප්ලෝයම පරිවහන වේගය පැයට cm 20-100 ත් අතර අගයකි.
 



No comments:

Post a Comment